ඩිජිටල් තාක්ෂණයේ නව ප්රවණතා පිළිබඳ එක්දින වැඩමුළුව
උක්ත මාතෘකාව පිළිබඳව පුස්තකාල කාර්යමණ්ඩල හා විද්‍යාර්ථින් දැනුවත් කිරීමේ අරමුණින් ඩිජිටල් පුස්තකාල ඒකකය මගින් සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුව 2026.06.16 වන අඟහරුවාදා දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා පුස්තකාලයාධිපතීන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශව සහභාගීකරවීමට අපේක්ෂා කෙරේ. අදාළ දැන්වීම් පත්‍රිකාව හා වැඩසටහන් විස්තරය මේ සමඟ අමුණා ඇත.
පහත සබැඳිය ඔස්සේ ලියාපදිංචි විය හැක